කුඩාගම තෙළිඟු ගම්මානයෙහි තෙළිඟු ජනතාව පිළිබඳ ජනශ‍්‍රැතික අධ්‍යයනයක්

dc.contributor.authorRajanayaka, R. M. W. G. P.
dc.date.accessioned2019-06-28T08:30:23Z
dc.date.available2019-06-28T08:30:23Z
dc.date.issued2018
dc.description.abstractශී‍්‍ර ලංකාවේ වෙසෙන දස දහසක් පමණ වූ තෙළිඟු ජාතිකයෝ තවමත් සිය සාම්ප‍්‍රාධායික ජීවන වෘත්තීන් පවත්වාගෙන යමින් ජීවත් වීමට වෙර දරති. නයි හා රිළවුන් නටවමින් සාස්තර කියමින් සිය ජීවන වෘත්තීයේ යෙදී සිටී. ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක තෙළිඟු ජනතාව ජීවත් වන අතර වැඩි පිරිසක් ජීවත් වනුයේ තඹුත්තේගම කුඩාගම තෙළිඟු ගම්මානයේ ය. මීට අමතරව අක්කරෙයිපත්තුව, අලිගම්බේ, වව්නියාව, ගල්ගමුව, අන්දරබැද්ද, විජිතපුර, කොමාරිකා යාය, කලා වැව ධීවර ගම්මානය හා තඹුත්තේගම යන ගම්මාන තුළ ද තෙළිඟු ජනයා ජීවත් වේ. මෙහි දී අපගේ පර්යේෂණ කාර්යය සිදුකෙරෙනුයේ කුඩාගම තෙළිඟු ගම්මානය මූලික කරගෙනයි. මෙම ගම්මානයේ පවුල් 480 ක් පමණ ජීවත් වන අතර තෙළිඟු ජනතාව 2000 කට ආසන්නව ජීවත්ව සිටී. ඒ අතර ගොවිතැන් කරන පවුල් 11 ක් ද පොත් පත් විකුණන පවුල් 50 ක් ද වෙනත් රැුකියා කරන පවුල් 15 ක් ද පමණ සිටී. තවත් පිරිසක් පිට පළාත් වලට ගොස් ඔවුන්ගේ සාම්ප‍්‍රාධායික රැුකියා වල නිරත වීමක් දක්නට ලැබේ. පර්යේෂණය සිදුකිරීමේ දී ප‍්‍රාථමික මූලාශ‍්‍රය වශයෙන් සම්මුඛ සාකච්ඡුා, ක්ෂේත‍්‍ර අධ්‍යයන යොදාගත් අතර ද්විතීයික මූලාශ‍්‍ර ලෙස පෙර කරන ලද පර්යේෂණ සහ පොත්පත් යොදාගනුලැබිණ. ඒ අනුව ක්‍ෂේත‍්‍ර අධ්‍යයනය මඟින් ලබා ගත් තොරතුරු පදනම් කොට ගෙන පර්යේෂණය සිදු කොට ඇත. විශේෂයෙන්ම මෙම පර්යේෂණය ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර අධ්‍යයනයක් ලෙස ගැනීම නිවැරදි වේ. මීට අමතරව තෘතියික මූලාශ‍්‍ර ලෙස අන්තර්ජාල මූලාශ‍්‍ර ද මෙම පර්යේෂණය සඳහා දායක කොට ගෙන ඇත. ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වූයේ වර්තමානය වන විට තෙළිඟු ජාතිකයන් පිළිබඳ ජනශ‍්‍රැති කෙමෙන් වියැකී යන බව යි. ඊට හේතු වී ඇත්තේ ආර්ථික වටිනාකම් විනා සංස්කෘතික වටිනාකම් පිළිබඳ ජනතාවගේ ඇති නොදැනුම්වත් භාවයත් තෙළිඟු භාෂාව හා සංස්කෘතිය ආශ‍්‍රිතව ජතශ‍්‍රැතියක් රැුකීමට මෙතෙක් කටයුතු නොකරීමත් බව පෙනේ. සමස්තයක් ලෙස තෙළිඟු ජාතිකයන් හා සබැඳි ජන දිවිය දුෂ්කර වුව ද ඒ වටා අනන්‍ය වූ සමාජ, සංස්කෘතික පරිසරයක්ද පවත්නා බව පැහැදිලි ය. කුඩාගමවාසී තෙළිඟු ජාතිකයින් තුළ සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලන, අධ්‍යාපන හා ආගමික කටයුතුවල දී තෙළිඟු භාෂාව සමඟ මිශ‍්‍රව සිංහල හා දෙමළ භාෂා ද යොදා ගන්නා අතර රැුකියාවේ දී නම් අවශ්‍ය ලෙස භාෂාව මාරු කර ගැනීමට ඔවුන් සමත්කමක් දක්වයි. එමෙන්ම මේ වන විට තෙළිඟු භාෂකයින්ගේ සංස්කෘතිය තුළ ඉස්මතු වී පෙනෙන විශේෂත්වයන් දක්නට ඇති බවත් මේ වන විට තෙළිඟු වහර ක‍්‍රියෝලහරණ අවධානමකට ලක්ව ඇති බවත් මෙම පර්යේෂණය ම`ගින් අනාවරණය විය. එසේ හෙයින් කුඩාගම ආශි‍්‍රතව තෙළිඟු ජනසමාජය සහ ඒ වටා බැඳුණු ජනශ‍්‍රැතිය සොයා යාම මේ පර්යේෂණයේ අරමුණ යි.en_US
dc.identifier.citation8th International Symposium 2018 on “Innovative Multidisciplinary Research for Green Development”. 17th - 18th December, 2018. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 1205-1211.en_US
dc.identifier.isbn978-955-627-141-6
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3618
dc.language.isoen_USen_US
dc.subjectතෙළිඟුen_US
dc.subjectමූලාශ‍්‍රen_US
dc.subjectභාෂාවen_US
dc.subjectසංස්කෘතියen_US
dc.subjectභාෂාවen_US
dc.subjectජනසමාජයen_US
dc.titleකුඩාගම තෙළිඟු ගම්මානයෙහි තෙළිඟු ජනතාව පිළිබඳ ජනශ‍්‍රැතික අධ්‍යයනයක්en_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Full papers 6 - Page 120-126.pdf
Size:
82.28 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: